ක්‍රිකට් උපන් රටට ටෙස්ට් ක්‍රිකට් උගන්වන්න බ්‍රෙන්ඩන් මැකලම් පත් කරන ලකුණු

Date:

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සදහා මැකලම් සිය එකගතාවය පල කර ඇති අතර, මෙම සති අන්තයේ දී මේ පිළිබද නිල නිවේදනයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය සිදු කිරීමට ඉඩ ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන ඔහු, ලීග් තරග පිටියේ දී තමා දරන තනතුරුවලින් ඉදිරියේ දී ඉවත්ව සිය සම්පූර්ණ කාලය එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් යොදවනු ඇති බව සදහන්.

පසුගිය පෙබරවාරි මාසයේ දී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරය අහිමි වූ ක්‍රිස් සිල්වර්වුඩ් වෙනුවටයි බ්‍රෙන්ඩන් මැකලම් මෙලෙස එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ.

සිල්වර්වුඩ් විසින් එරට සීමිත පන්දුවාර හා ටෙස්ට් යන කණ්ඩායම් සියල්ලෙහිම පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඉදිරියේ දී සීමිත පන්දුවාර කණ්ඩායම සදහා වෙනම පුහුණුකරුවෙකු ද, ටෙස්ට් කණ්ඩායම සදහා තවත් පුහුණුකරුවෙකු ද පත් කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ රොබ් කී කටයුතු කරමින් සිටින්නේ.

පසුගිය සදුදා හා අගහරුවාදා නව පුහුණුකරුවන් පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ එරට ක්‍රිකට් ආයතනය විසින් සිදු කර තිබුණා.

40 හැවිරිදි මැකලම් ක්‍රීඩකයෙකු ලෙස 2019 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් අතර, මේ දක්වා ඔහු පළමු පෙල ක්‍රිකට් පිටියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර නැහැ.

කෙසේ වෙතත්, නවසීලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 101ක් සදහා ක්‍රීඩා කර තිබුණා.

2015 වසරේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා නවසීලන්ත කණ්ඩායම රැගෙන යාම සදහා ද ඔහු නායකත්වය දරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...