විලියම්සන්ට අවසන් 20යි 20 තරග දෙකත් අහිමි වන ලකුණු

Date:

නවසීලන්ත නායක කේන් විලියම්සන්ට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර 20යි 20 තරග දෙක ද ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, නවසීලන්තය ලකුණු 21 ක ජයක් වාර්තා කළ දෙවැනි 20යි 20 තරගය අතරතුර දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

හැමිල්ටන් හී දී ඉරිදා පැවැති මෙම තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ඔහු පාදයක ආබාධයට මුහුණ දුන් අතර, ඒ අනුව ලකුණු 26 ක් ලබා සිටි විලියම්සන් පිටියෙන් ඉවත් වුණා. අනතුරුව පන්දු රැකීමට හෝ ඔහු යළි ක්‍රීඩාංගනය වෙත පිවිසියේ නැහැ.

ඔහු සදුදා දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා ද මුහුණ දීමට නියමිතව සිටියා.

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නිවේදනය කිරීමේ දී එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ කේන් විලියම්සන් පළමු තරග දෙක හා අවසන් තරග දෙක සදහා පමණක් ක්‍රීඩා කරන බවයි.

ඔහුව තෙවැනි 20යි 20 තරගයෙන් විවේක ගන්වා තිබූ අතර, එම තරගය සදහා පමණක් නවසීලන්ත සංචිතයට මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Josh Clarkson පළමුව නම් කර තිබුණා.

කෙසේ වෙතත්, Central Districts කණ්ඩායම නියෝජනය කරමින් නවසීලන්ත Super Smash තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ උරහිසක සිදුවූ ආබාධයක් හේතුවෙන් Clarkson ට තෙවැනි 20යි 20 තරගය අහිමි වූ අතර, ඔහු වෙනුවට බදාදා ඩුනේඩින් හී දී පැවැත්වීමට නියමිත තෙවැනි 20යි 20 තරගය සදහා වන සංචිතයට විල් යන්ග් ආදේශ කෙරුණා.

පෙබරවාරි 3 වැනිදා දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියක් ද ආරම්භ වීමට නියමිතව ඇති බැවින් කේන් විලියම්සන් පාකිස්තානයට එරෙහි අවසන් 20යි 20 තරග දෙක වෙනුවෙන් ක්‍රීඩා කරවීමට සලස්වා ඔහුගේ තත්ත්වය අවධානමක්ට ලක් කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු නොකරනු ඇති.

විලියම්සන් වෙනුවට අවසන් තරග දෙකේ දී ටිම් සයිෆර්ට් කණ්ඩායමට කැදවීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...