විල් පුකොව්ස්කි අවාසනාවන්ත ලෙස ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු පිතිකරු Will Pucovski ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

27 හැවිරිදි ඔහු දිගින් දිගටම මුහුණ දෙන කම්පන (concussion) තත්ත්වයන් හේතුවෙනුයි මෙලෙස ක්‍රිකට් පිටියට සමු දී ඇත්තේ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් පමණක් ඔහු ක්‍රීඩා කර ඇති අතර, ඔහු අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2024 වසරේ මාර්තු මාසයේදීයි.

Sheffield Shield තරගයක් අතරතුරදී පන්දුවක් වැදීමෙන් පසුව කම්පන තත්ත්වයකට ඔහු මුහුණ දීමෙන් අනතුරුවයි ඔහුට එලෙස ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණේ.

ඔහුගේ තත්ත්වය පිළිබද පරීක්ෂා කර බැලීමට ස්වාධීන වෛද්‍ය කමිටුවක් පත් කර තිබූ අතර, එම කමිටුව තීන්දු කළේ ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සුදුසු බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...