විනය විරෝධීව හැසිරුණු ශොරිෆුල්ට අයි.සී.සීයෙන් දැඩි අවවාදයක්

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිල අවවාද කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු විනය විරෝධී ලෙස හැසිරුණු බවටයි චෝදනා එල්ල වුණේ.

මෙම වරද හේතුවෙන් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 18 වන පන්දුවාරයේ දී මිචෙල් මාෂ් දවා ගැනීමෙන් පසුව ශොරිෆුල් ඉස්ලාම් දැඩි ආවේගශීලී අයුරින් එය සැමරීම ඔහුට එල්ල වූ චෝදනාවයි.

ෂොරිෆුල් විසින් සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බව අයි.සී.සීය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...