රූට්ගෙන් සුපිරි ශතකයක්; ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 157ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(7) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දීය කණ්ඩායම දෙසට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 209ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52ක්.

රෝහිට් ෂර්මා හා චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 12 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කේ.එල් රාහුල් ලකුණු 26කට දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් සමත් වුණා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 25ක් රැස් කර සිටියා.

ඔවුන් සියලු දෙනා දැවී දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 303ක්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 109ක් ලබා ගත්තේ හතරේ පහර 14ක් සමගින්. එය ඔහු වාර්තා කළ 21 වන ටෙස්ට් ශතකයයි.

සෑම් කරන් ලකුණු 32ක්, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 30ක් ඩොම් සිබ්ලි ලකුණු 28ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 5ක් දවා ගත් අතර, මොහොමඩ් සිරාජ් හා ශාර්දුල් තාකූර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 183 ක් පමණයි.

අනතුරුව පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 278කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමටනම් ඉන්දියාව තවත් ලකුණු 157ක් ලබා ගත යුතුයි.

මෙම තරගයෙන් එංගලන්තය ජය ගැනීමටනම් ඔවුන් හෙට දිනයේ දී තවත් කඩුලු 9ක් දවා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...