වැස්ස නිසා රන් පදක්කම ඉන්දියාවට ; පාකිස්තානයට ලෝකඩ පදක්කමත් අහිමි වෙයි

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාව ඊයේ(7) සමත් වුණා.

රන් පදක්කම සදහා වූ අවසන් තරගය ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැති නමුත්, එම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

ඒ අනුව ඇෆ්ඝනිස්තානයට වඩා ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසු වීම පදනම් කර ගනිමින් රන් පදක්කම ඉන්දියාවට හිමි වුණා.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

Shahidullah නොදැවී ලකුණු 49 යි. Arshdeep Singh, Shivam Dube, Shahbaz Ahmed හා Ravi Bishnoi කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගාවලියේ රිදී පදක්කම ඇෆ්ඝනිස්තානයට හිමි වූ අතර, ලෝකඩ පදක්කම බංග්ලාදේශය දිනා ගත්තා.

ලෝකඩ පදක්කම සදහා වූ තරගය පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැති අතර, එම තරගයෙන් බංග්ලාදේශය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 6ක ජයක් වාර්තා කළා.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 48 ක් ලබා ගත්තා.

බංග්ලාදේශය තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...