වැස්ස නිසා ඔස්ට්‍රේලියාව නම්බුව රැක ගනියි

Date:

ඔස්ට්‍රේලියා – එංගලන්ත තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු කිරීම හේතුවෙන් තරග 0-3 ක පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් ගැළවීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද(14) හැකි වුණා.

ඒ අනුව තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් එංගලන්තය තරග 2-0 ක් ලෙස තරගාවලියේ ජය හිමි කර ගත්තා.

කැන්බරා හි පැවැති තෙවැනි 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, එංගලන්ත ඉනිමට වර්ෂාවෙන් අවස්ථා දෙකකදීම බාධා එල්ල වූ බැවින් එංගලන්ත ඉනිම පන්දුවාර 12කට පමණක් සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

නියමිත පන්දුවාර 12 එංගලන්ත පිතිකරුවන් අවසන් කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 112 ක් රැස් කරමින්.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 65 ක් ද, ඩේවිඩ් මලාන් ලකුණු 23 ක් ද ලබා ගත්තා. බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 17යි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 12 කදී තරගය ජය ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 130 ක්.

කෙසේ වෙතත්, ඔවුන් පන්දුවාර 3.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය අතහැර දැමීමටයි කටයුතු කෙරුණේ.

එම හඹා යාමේ දී ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු පන්දු දෙකේ දී ම ආරෝන් ෆින්ච් හා මිචෙල් මාෂ්ගේ කඩුලු 2 දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් වුණා.

අනතුරුව ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 8ක් ලබා සිටියදී දවා ගැනීමට ද ක්‍රිස් වෝක්ස් සමත් වුණා. ඔහු එම කඩුලු 3 දවා ගත්තේ සිය පන්දුවාර 2 තුළ දී ලකුණු 4ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

https://twitter.com/cric12222/status/1581264216132325376

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...