වාර්තාගත ජයක් සමගින් හයිදරාබාදයට තවත් බලාපොරොත්තුවක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47 වන තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිල පරදා ලකුණු 88ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

රිෂාබ් පාන්ට් ලකුණු 36ක් සහ අජින්කෙයා රහානේ ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රෂීඩ් ඛාන් පන්දුවාර 4 තුළ ලකුණු 7කට කඩුලු 3ක් දවා ගත්තා.

එය මෙවර තරගවාරයේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් පිල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 219ක් ලබා ගත්තා.

නායක ඩේවිඩ් වෝනර් පන්දු 34කින් ලකුණු 66ක් සහ ව්රිද්හිමන් සහා පන්දු 45කින් ලකුණු 87ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 107ක සබදතාවයක් ගොඩ නැගුණු අතර, ඉනිමේ මැදපෙල ශක්තිමත් කළ මනීෂ් පාන්ඩේ ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම තරග ජය ඉතිහාසගත වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ලකුණූ පරතරය අතින් ඉතිහාසයේ ලැබූ දෙවන ඉහළම ජයග්‍රහනය ලෙසයි.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හයිදරාබාද් පිල සමත්ව ඇත්තේ මේ වන විට ප්‍රසාද ලකුණු 10ක් හිමි කර ගනිමින්.

ඒ අනුව ඔවුන්ට මෙවර තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් විවෘතව පවතිනවා.

මෙතෙක් 2 වන ස්ථානයේ පසු වූ දිල්ලි කණ්ඩායම මේ වන විට තෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...