ඩි විලියස් බිග් බෑෂ් තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

දකුණු අප්‍රිකා සුපිරි පිතිකරු ඒ.බී.ඩි විලියස් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු සහ ඔහුගේ බිරිද සිය තෙවන දරු උපත අපේක්ෂාවෙන් පසුවන බැවින්.

මෙවර තරග වාරයේ දී ද ඩි විලියස් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටියා.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග පවතින සියලු තත්ත්වයන් ද සලකා බලා ඔහු මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

මේ අතර, ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් රෙහ්මාන් සමග මෙවර තරග වාරය වෙනුවෙන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම යළි ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...