වසර 17කට පසු එංගලන්තය පාකිස්තාන සංචාරයක ?

Date:

පාකිස්තාන තරග සංචාරයක නිරත වීමේ කිසිදු ගැටලුවක් තමාට නොමැති බව එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

2022 වසරේ දී එංගලන්තය විසින් 20යි 20 කණ්ඩායමක් පාකිස්තාන තරග සංචාරයක නිරත කරනු ඇති බවට අපේක්ෂා කරන්නේ යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකයි එංගලන්ත පුහුණුකරු මෙම අදහස් පල කළේ.

ආරක්ෂක ගැටලු හේතුවෙන් එංගලන්ත කණ්ඩායමක් 2005 වසරෙන් පසුව මෙතෙක් පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී නැහැ.

මේ වන විට පාකිස්තාන කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව සිටිනවා.

කොරෝනා වසංගතය හමුවේ එංගලන්ත ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට පත්ව සිටින අවස්ථාවකයි පාකිස්තානය මෙම තරග සංචාරයේ නිරත වන්නේ.

ඒ ඔස්සේ එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අර්බුදයට යම් සහනයක් ලැබී තිබෙනවා.

ඒ අනුව ඊට ප්‍රතිඋපකාරයක් ලෙස එංගලන්ත කණ්ඩායම පාකිස්තාන සංචාරයක ද නිරත වනු ඇති බවටයි පාකිස්තානය විශ්වාසය පල කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...