පාකිස්තාන ක්‍රීඩිකාවන් 25කට සහනයක්

Date:

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් රැකියා විරහිත ක්‍රිකට් ක්‍රීඩිකාවන් 25 දෙනෙකු සදහා මූල්‍යමය සහනයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත අර්බුදය පදනම් කර ගනිමින්.

ඒ අනුව අගෝස්තු මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මාස 3ක කාලයකට පාකිස්තාන රුපියල් 25,000ක මාසික දීමනාවක් තෝරා ගන්නා ලද ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට පිරිනැමීමට නියමිතයි.

2019-20 දේශීය තරග වාරය සදහා ක්‍රීඩා කර තිබීම මෙන්ම 2020-21 තරග වාරය සදහා කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවක් නොවීම යන ප්‍රධාන නිර්නායක පදනම් කර ගනිමින් ක්‍රීඩිකාවන් 25 දෙනෙකු තෝරා ගැනීමේ කටයුතු සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...