වර්ෂාව නිසා අතහැර දැමූ තරග දෙකෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පසුබසියි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ සුපිරි 12 වටය යටතේ අද (28) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන්ට සිදු වුණා.

තරගාවලියේ 25 වැනි හා 26 වැනි තරග අද පැවැත්වීමට නියමිතව තිබුණේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

25 වැනි තරගය ඇෆ්ඝනිස්තානය හා අයර්ලන්තය අතරත්, 26 වැනි තරගය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතරත් පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙම තරග අතහැර දැමීම හේතුවෙන් කණ්ඩායම් හතරටම ප්‍රසාද ලකුණ බැගින් ලබා දෙනු ලැබුවා.

ඒ අනුව පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් නවසීලන්තය හිමි කර ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 3ක් හිමි කර ගනිමින්.

දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්තයටත්, තෙවැනි ස්ථානයේ පසුවන අයර්ලන්තයටත්, සිව්වැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවටත් හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 3 බැගින්.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2ක් සමග 5 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ඇෆ්ඝනිස්තානය අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ තරග දෙකක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීම කැපී පෙනුණා.

පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින කණ්ඩායම් අතරින් නවසීලන්තය හා ශ්‍රී ලංකාව පමණක් මේ වන විට තරග දෙක බැගින් ක්‍රීඩා කර ඇති අතර, සෙසු සියලු කණ්ඩායම් තරග 3 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

තරගාවලියේ 27 වැනි තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර සිඩ්නි හී දී පැවැත්වීමට නියමිතයි.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...