“අපිට වෙනස් තරග සැලසුමක් එක්ක යන්න වෙනවා” ශ්‍රී ලංකා සහාය පුහුණුකරු

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය සෙනසුරාදා (29) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සිඩ්නි ක්‍රීඩාංගනයේ දී තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

නවසීලන්තය මේ වන විට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 3ක් සමගින්. ප්‍රසාද ලකුණු දෙකක් සමගින් ශ්‍රී ලංකාව එහි 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා. මෙම කණ්ඩායම් දෙකම ක්‍රීඩා කර ඇත්තේ තරග 2 බැගින්.

දෙරට අතර පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව ද හිමිව තිබෙනවා.

පසුගියදා ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් බිනුර ප්‍රනාන්දුට තරගාවලියේ ඉතිරි තරග අහිමි වී ඇති බැවින්, හෙට තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අවම වශයෙන් එක් වෙනස්කමක් සිදු වනු ඇති.

ඔහු වෙනුවට කණ්ඩායමට කැදවන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සදහන් කළේ.

මෙම තරගය සදහා යොදා ගන්නා සිඩ්නි ක්‍රීඩාංගනයේ තණතීරුව ද පිතිකරුවන්ට යෝග්‍ය වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මෙවර තරගාවලියේ දී මෙතෙක් ලකුණු 200 ක් හෝ එම සීමාව ඉක්මවා ගොස් කණ්ඩායම් ලකුණු රැස් කර ඇත්තේ සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පමණයි.

නවසීලන්තය (200/3) හා දකුණු අප්‍රිකාව (205/5) විසින් එම ලකුණු ප්‍රමාණයන් වාර්තා කර තිබුණා.

“අපිට යන්න සිද්ධ වෙනවා වෙනස්ම තරග සැලසුමක් එක්ක මේ විදිහ තණතීරුවක. සිඩ්නි කියන්නේ වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ඉතා හිතකර ක්‍රීඩාංගනයක්.” යනුවෙන් නවීඩ් නවාස් කියා සිටියා.

ලෝක කුසලානය යටතේ අද පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වූ නමුත්, හෙට (29) දිනයේ දී සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බලපෑමක් එල්ල නොවනු ඇති බවටයි අනාවැකි පලව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...