ලෝක කුසලානය අවසානයේ රටවල් 10 අතරේ ත්‍යාග මුදල් බෙදී ගියේ මෙහෙමයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ රාත්‍රියේ නිමා වුණේ අහ්මදාබාද් ක්‍රීඩාංගනයට රැස්ව සිටි 130,000 කට ආසන්න ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ 6 වැනි වරටත් ලෝක ශුරතාවය කැන්ගරු දේශයට හිමි කරමින්.

ලෝක ශූරයින් වූ ඔස්ට්‍රේලියාවට ශූරතා කුසලානය සමග හිමි වූ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක්. එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 130 ක පමණ අගයක්.

ඊට අමතරව මූලික වටයේ දී ඔවුන් ජයගත් තරග 7 වෙනුවෙන් ඩොලර් 40,000 බැගින් ඩොලර් 280,000 ක ත්‍යාග මුදලක් ද ඔවුන් හිමි කර ගෙන තිබුණා.

ඒ අනුව සමස්ථයක් ලෙස මෙවර ලෝක කුසලානයේ දී ඔස්ට්‍රේලියාවට හිමි වූ ත්‍යාග මුදලෙහි එකතුව ඩොලර් 4,280,000 ක්. එනම් රුපියල් කෝටි 139 ක පමණ අගයක් වනවා.

අනුශූරතාව දිනූ ඉන්දියාව වෙනුවෙන් ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමි වුණා. ඊට අමතරව ඉන්දියාව ජය ගත් මූලික වටයේ සෑම තරගයක් වෙනුවෙන්ම ඩොලර් 40,000 බැගින් ඔවුන්ට හිමි වූ ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් 360,000 (40,000×9) ක්.

ඒ අනුව සමස්ථයක් ලෙස ඉන්දියාවට ඩොලර් 2,360,000 ක් හෙවත් රුපියල් කෝටි 77 ක පමණ ත්‍යාග මුදලක් හිමි වුණා.

අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වූ නවසීලන්තයට හා දකුණු අප්‍රිකාවට ද ඩොලර් 800,000 බැගින් හිමි වූ අතර, මූලික වටයේ දී ලැබූ ජයග්‍රහන වෙනුවෙන් දකුණු අප්‍රිකාවට ඩොලර් 280,000 ක මුදලක් හා නවසීලන්තයට ඩොලර් 200,000 ක මුදලක් හිමි වුණා.

ත්‍යාග මුදල් බෙදී ගිය අයුරු –

  1. Australia – $4,000,000 + $280,000 (40,000×7) = $4,280,000 (රුපියල් කෝටි 139.8)
  2. India – $2,000,000 + $360,000 (40,000×9) = $2,360,000 (රුපියල් කෝටි 77.1)
  3. South Africa – $800,000 + $280,000 (40,000×7) = $1,080,000 (රුපියල් කෝටි 35.2)
  4. New Zealand – $800,000 + $200,000 (40,000×5) = $1,000,000 (රුපියල් කෝටි 32.6)
  5. Pakistan – $160000 (40,000×4) + $100,000 = $260,000 (රුපියල් කෝටි 8.5 )
  6. Afghanistan – $160,000 (40,000×4) + $100,000 = $260,000 (රුපියල් කෝටි 8.5 )
  7. England – $120,000 (40,000×3) + $100,000 = $220,000 (රුපියල් කෝටි 7.1 )
  8. Bangladesh – $80,000 (40,000×2) + $100,000 = $180,000 (රුපියල් කෝටි 5.8 )
  9. Sri Lanka – $80,000 (40,000×2) + $100,000 = $180,000 (රුපියල් කෝටි 5.8 )
  10. Netherlands – $80,000 (40,000×2) + $100,000 = $180,000 (රුපියල් කෝටි 5.8 )

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...