ප්‍රේක්ෂකයින් 130,000 ක් නිහඩ කරවා ඔස්ට්‍රේලියාව 6 වැනි වරටත් ලෝක ශූරයින් වෙයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් 6 වැනි වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(19) සමත් වුණා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි.

ක්‍රීඩාංගනයට රැස්ව සිටි එක් ලක්ෂ තිස් දහසක ප්‍රේක්ෂකයින් ඉදිරියේ පිතිකරුවන්ට අපහසු තණතීරුවක පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පන්දුවාර 43 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ට්‍රැවිස් හෙඩ් පන්දු 120 කින් ලකුණු 137 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 15 ක් සමගින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් මර්නස් ලබුෂේන් ලකුණු 58(110) ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 47 දී බිද වැටුණු පසුබිමකයි ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 192 (215) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් කේ එල් රාහුල් ලකුණු 66 ක්, විරාත් කෝලි ලකුණු 54 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...