ලාහෝරය ඉස්ලාමාබාද් කණ්ඩායමට ඓතිහාසික පරාජයක් උරුම කරයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දරුණුම පරාජය(ලකුණු පරතරය අතින්) ලැබීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට ඊයේ (9) රාත්‍රියේ සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ 26 වැනි තරගයෙන් ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 119 කින් පරාජයට පත් වීම හේතුවෙන්.

රාවල්පින්ඩි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලාහෝර් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 226 ක් ලබා ගත්තා.

ෆකාර් සමාන් පන්දු 57 කින් වේගවත් ලකුණු 115 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 40 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් කණ්ඩායමට පන්දුවාර 15.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණයි.

ඇලෙක්ස් හේල්ස් හා හසන් අලී ලකුණු 18 බැගින් රැස් කළා. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගත්තා.

මේ අතර, පසුගිය 8 වැනිදා පැවැති තරගයේ දී පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව පන්දු 63 කින් නොදැවී ලකුණු 145 ක් ලබා ගත් ඉනිම සිය හොදම 20යි 20 ඉනිම බව ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිතිකරු ජේසන් රෝයි පවසනවා.

එම ඉනිම වාර්තා අතරට එක් වුණේ පාකිස්තාන සුපර් ලීග් ඉතිහාසයේ ඉනිමකදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

රාවල්පින්ඩි හී දී පැවැති අදාළ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පෙෂාවර් කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 240 ක් රැස් කළේ බාබර් අසාම්ගේ ලකුණු 115 න් ශක්තිමත් වෙමින්.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...