මුම්බායි පෙරමුණ ශක්තිමත් කර ගනිද්දී ගුජරාට් පිලට නව නායකයෙක්

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 8 කින් පරාජයට පත් වූයේ දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 105 ක් පමණයි. නායිකා මැග් ලෙනින් ලකුණු 43 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී Saika Ishaque, Issy Wong හා හෙයිලි මැතිව්ස් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. යස්තිකා භාතියා ලකුණු 41 ක් හා හෙයිලි මැතිව්ස් ලකුණු 32 ක් රැස් කළා.

මුම්බායි කණ්ඩායම මේ වන විට මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවද්දී දෙවැනි ස්ථානය තරග තුනකින් තරග 2ක් ජය ගත් දිල්ලි කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය තරග දෙකකින් එක් තරගයක් ජය ගත් යූපී වොරියර්ස් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.

තරග තුනකින් එක් තරගයක් ජයගත් ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයේ පසුවන අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත් වී තිබෙනවා.

මේ අතර, ආබාධයකට ලක්වීම හේතුවෙන් ගුජරාට් කණ්ඩායමේ නායිකා බෙත් මූනිට මෙවර තරගාවලියෙන් අතරමගදී ඉවත් වීමට සිදුව ඇති අතර, ඇය වෙනුවට Laura Wolvaardt එම සංචිතය සදහා ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

උප නායිකා Sneh Rana ගුජරාට් කණ්ඩායමේ නව නායිකාව ලෙස පත් කර ඇති අතර, කණ්ඩායමේ නව උප නායිකාව ලෙස පත් කර ඇත්තේ Ashleigh Gardner.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...