ලසිත් මාලිංග 2024 වසර සදහා යළි මුම්බායි ඉන්දියන්ස් තෝරා ගනියි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හා මුම්මායි ඉන්දියන්ස් හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

පසුගිය තරගාවලි 9 තුළ දී මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු වූ ශේන් බෝන්ඩ් වෙනුවටයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

2021 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමු ගත් මාලිංග 2022 වසරේ දී රාජස්ථාන් රෝල්ස් කණ්ඩායම සමග එක් වුණේ එම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසයි.

නිමා වූ 2023 තරග වාරයේ දී ද ඔහු එම තනතුර දරනු ලැබුවා. 2018 වසරේ දී ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද උපදේශක ලෙස කටයුතු කළා.

එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම වසරේ දී පැවැති මේජර් ලීග් ක්‍රිකට් (MLC) පන්දුවාර 20යි 20 තරගාවලියට එක් වූ MI New York කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද මාලිංග කටයුතු කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ලසිත් මාලිංග අවස්ථා පහකදී ශූරතාවයන් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. 2013, 2015, 2017 හා 2019 වසරවලදී අයි.පී.එල් ශූරතාවය මුම්බායි පිල සමග ජය ගත් ඔහු 2011 වසරේ දී චැම්පියන්ස් ලීග් ශූරතාවය ද ජයග්‍රහනය කළා.

මුම්බායි වෙනුවෙන් තරග 139 ක් ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදී කඩුලු 195 ක් දවා ගැනීමට සමත් වුණා.

එම කඩුලු අතරින් කඩුලු 170 ක් අයි.පී.එල් පිටියේ දී ඔහු දවා ගෙන ඇති අතර, අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතර ඔහුට මේ වන විට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි. වසර ගණනාවක් ඔහු එම ලේඛනයේ පෙරමුණේ ද පසුවුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...