ආබාධය පසෙකලා වනිදු දැක් වූ දක්ෂතා මහනුවර අවසන් තරගයට ගෙන යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 34 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ අනුව හෙට(20) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඔවුන් දඹුල්ල අවුරා කණ්ඩායම සමගින් එල්.පී.එල් සිව්වැනි අදියරේ ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

මෙම තරගයේ දී පිතිකරණයේ නිරතව සිටියදී මහනුවර නායක වනිදු හසරංග පාදයක ආබාධයකට ගොදුරු වුණා. එම ආබාධය ද පසෙකලා ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිය කණ්ඩායම වෙනුවෙන් පන්දු 30 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීම කැපී පෙනුණා.

සිය ආබාධය අමතක කළ වනිදු පන්දු යැවීම සදහා ද පිටියට පිවිසි අතර, එහිදී ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 21 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඔහුට අමතරව චතුරංග ද සිල්වා හා මොහමඩ් හස්නයින් ද කඩුලු 2 බැගින් දවා ගනිමින් මහනුවර පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ගාලු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සොනාල් දිනූෂ. ඔහු ලකුණූ 28 ක් රැස් කළ අතර, ලිටොන් දාස් ලකුණු 25යි. ශකිබ් අල් හසාන් ලකුණු 17 කට දැවී ගියා.

පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකණු 38 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 24 ක් ද, චතුරංග ද සිල්වා නොදැවී ලකුණු 15 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර හා සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...