ලයන්ස් පිලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල ලකුණු 320 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර තෙදින පුහුණු ක්‍රිකට් තරගය අද(25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ලයන්ස් පිල පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට අද දිනයේ දී තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 413 ක් ලබා සිටියදීයි.

ඇලෙක්ස් ලීස් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 97 කින්. Jack Haynes නොදැවී ලකුණු 63ක්, Josh Bohannon ලකුණු 58 ක්, Tom Abell ලකුණු 57 ක් හා Jamie Smith ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ ලකුණු 47 කට කඩුලු 3 ක් දවා ගත්තා. කවිදු පතිරත්න හා තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 93 ක්.

නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 56 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 320 ක් පිටුපසින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...