ලකුණු 6ට බිද හෙලූ මාලිංගගේ කඩුලු 5

Date:

පහුගිය වසරේ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරය ඔබට කවදාවත් අමතක නොවන තරගාවලියක් බවට පත්කිරීමට ලසිත් මාලිංග නම් විශිෂ්ඨ පන්දුයවන්නා සමත්වූ බව ඔබේ මතකයේ ඇති.

එම තරගාවලියේ පැවති තෙවන විස්සයි විස්ස තරගය තුළ දී නවසීලන්ත පිතිකරණ ලැයිස්තුව ලකුණු 88 කට සීමා කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දුයන්නෝ සමත් වුණා.

එහිදී අති විශිෂ්ඨ පන්දුයැවීමක නිරතවීමට සමත් වූ මාලිංග පන්දුවාර 4 තුළ ලකුණු 6 ක් පමණක් ලබාදී බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව පහක්.

එම කඩුලු පහ ඉතාමත් සුවිශේෂී වූයේ පිට පිට පන්දු 4 කදී දවාගත් කඩුලු 4 ක් ද ඒ තුල අඩංගුව තිබූ නිසා.

තෙවන පන්දුවාරයේ තුන්වන පන්දුවේදී කොලින් මන්රෝගේ කඩුල්ල බිද හෙලීමට මාලිංගගේ යෝකර් පන්දුවට හැකියාව ලැබුණා.

එම පන්දුවාරයේම හතරවන පන්දුවට හමීශ් රදර්ෆර්ඩ් දැවී ගිය අතර පස්වන හා හයවන පන්දු දෙකට පිළිවලින් කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් හා රොස් ටේලර් දවාගැනීමට ලසිත් මාලිංග සමත්වුණා.

එලෙස ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුලදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් දවාගැනීමට සමත්වූ ලොව දෙවන පන්දුයවන්නා බවට ඔහු වාර්තා පොත් අලුත් කළා.

මිට පෙර එම වාර්තාව සනිටුහන් කිරීමට ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් සමත් වූයේ අයර්ලන්තයට එරෙහිවයි.

නමුත් ජාත්‍යන්තර එක්දින හා විස්සයි විස්ස යන තරග රටා ද්විත්වයෙන්ම පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් දවාගත් ලොව එකම පන්දුයවන්නා ලසිත් මාලිංග පමණයි.

එමෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබාගත් එකම පන්දුයවන්නා බවට ඉතිහාසගත වීමට ද ලොව විශිෂ්ඨතම විස්සයි විස්ස පන්දුයවන්නා වන ලසිත් මාලිංග එදින රාත්‍රියේදී සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...