ගෙවීම් නොදුන් චෝදනාවට බංග්ලාදේශයෙන් පිළිතුරු

Date:

ක්‍රීඩකයින්ට නිසි පරිදි ගෙවීම් සිදු නොකළ බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ඊයේ(3) සිය නවතම ක්‍රීඩක වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේ සියලු වෘත්තීය ක්‍රීඩකයින්ගෙන් තුනෙක් එකක් පමණ ලොව පුරා සංවිධාන කර ඇති 20යි 20 ලීග් තරගාවලියන්හී දී ගෙවීම් ප්‍රමාද වීම්වලට හෝ ගෙවීම් නොලැබීම්වලට ලක්ව ඇති බවයි.

ප්‍රධාන වශයෙන් තරගාවලි 6කින් මෑතකදී මෙවැනි ගැටලු වාර්තා වී ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.

ඒ අතරට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්, කැනඩා ගෝලීය 20යි 20, අබුඩාබි T10, කටාර් T10, යූරෝ T20 ස්ලෑම් සහ මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් යන තරගාවලි අයත්.

තවද බංග්ලාදේශ ක්‍රීඩකයින්ට අයි.සී.සී තරගාවලියක ත්‍යාග මුදල් නිසි පරිදි නොලැබී ඇති බවයි FICA සංගමය සිය වාර්තාවෙන් පෙන්වා දුන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද(4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එහිදී ඔවුන් සදහන් කර සිටියේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල නිළධාරීන් 170ක් අතරින් ගෙවීම් සම්බන්ධයෙන් ගැටලු ඇති වූ සිද්ධීන් 4ක් පමණක් පැවැති බවයි.

2018 වසරේ පැවැති BPL තරගාවලියට අදාළව මෙම ගැටලුව සිදුව තිබූ බව ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

අයි.සී.සී තරගාවලියක ත්‍යාග මුදල් නිසි පරිදි ක්‍රීඩකයින්ට ලබා නොදුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බංග්ලදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ එය කරුණු සාවද්‍ය ලෙස නිරූපනය කිරීමක් බවයි.

මෙතෙක් පැවැති සියලු අසි.සී.සී තරගාවලියන්හි ත්‍යාග මුදල් ක්‍රීඩකයින්ට ලබා දී අවසන් බව ද එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...