ඉන්දියාව සිය ටෙස්ට් ඉතිහාසයේ දැවැන්තම ජය ලබමින් තරගාවලියත් ජය ගනියි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, දෙරට අතර මුම්බායිහි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 372ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

එය ඉතිහාසගත වුණේ ඉන්දීය කණ්ඩායමක් ලකුණු පරතරය අතින් වාර්තා කළ ටෙස්ට් ඉතිහාසයේ දැවැන්තම ජය ලෙසයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 540ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට තරගයේ සිව්වන දිනය වන අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

ඩැරල් මිචෙල් ලකුණු 60ක් හා හෙන්රි නිකල්ස් ලකුණු 44ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් හා ජයන්ට් යාදව් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 325ක් ලබා ගත්තේ මයාන්ක් අගාර්වල් ලබා ගත් ලකුණු 150න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී අජාස් පටෙල් කඩුලු 10ම දවා ගැනීම කැපී පෙනුණා.

පිළිතුරු ලෙස නවසීලන්ත පළමු ඉනිම ලකුණු 62කට සීමා වූ අතර, ඉන්දීය දෙවැනි ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළේ කඩුලු 7ක් දැවී ලකුණු 276ක් ලබා සිටියදීයි.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් ද සාර්ථක පිතිහරඹයක නිරත වූ මයාන්ක් අගාර්වල් ලකුණු 62ක් ලබා ගත් අතර, අජාස් පටෙල් කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...