ලකුණු 33 ක පරාජයක් සමග එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලද 6 වැනි පරාජය ද ලබමින් තරගාවලියෙන් නිල වශයෙන්ම ඉවත් වීමට පසුගියවර ලෝක ශූරතාවය දිනූ එංගලන්ත කණ්ඩායමට අද(4) සිදු වුණා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් ලකුණු 33 ක පරාජයක් ලැබීමත් සමගයි.

අහ්මදාබාද් හි පැවැති මෙම තරගය තරගාවලියේ 36 වැනි තරගය වූ අතර, කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.

මර්නස් ලබුෂේන් ලකුණු 71 ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 47 ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 44 යි. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 54 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 253 ක් පමණයි.

ජොනී බෙයාර්ස්ටව් ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. බෙන් ස්ටොක්ස් ලකුණු 64 ක් හා ඩේවිඩ් මලාන් ලකුණු 50 ක් ලබා ගත්තා. මොයීන් අලී ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණූ 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...