නායකත්වය ඇතුළුව සිම්බාබ්වේ ක්‍රිකට්හි වෙනස්කම් කිහිපයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායමේ 20යි 20 තරග රටාවේ නව නායකයා ලෙස සිකන්ඩ රාසා නම් කර තිබෙනවා.

පසුගිය මාසයේ දී නැමීබියාව හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම 20යි 20 තරගාවලිය තරග 3-2 ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම මෙතෙක් සමත් වී නොමැති අතර, ඒ සදහා අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ඔවුන් මෙම මස අගදී නැමීබියාවේ දී තරග වැදීමට නියමිතයි.

සිම්බාබ්වේ පුහුණුකරු ලෙස තවදුරටත් Dave Houghton කටයුතු කරනු ඇති.

මෙතෙක් තරග රටා ත්‍රිත්වයේම නායකත්වය දැරූ ක්‍රෙයිග් අර්වින් ඉදිරියේ දී ටෙස්ට් හා එක්දින තරග රටාවලදී පමණක් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

අර්වින්ගේ නායකත්වය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම 20යි 20 තරග 38 ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී 54% ක ජයග්‍රහන ප්‍රතිශතයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. එය සිම්බාබ්වේ නායකයෙකු 20යි 20 පිටියේ දී වාර්තා කළ ඉහළම ජයග්‍රහන ප්‍රතිශතයයි.

මීට පෙර 2015-2021 අතර කාලයේ දී රාසා විසින් 20යි 20 තරග 4කදී සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවා තිබුණා.

ත්‍රිපුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුව ද මේ වන විට වෙනස් කර තිබෙනවා. ඒ අනුව හිටපු වේග පන්දු යවන ක්‍රීඩක David Mutendera තවදුරටත් එහි රැදී සිටින අතර, Houghton හා හිටපු නායකයෙකු වන Elton Chigumbura තේරීම් කමිටුවට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...