ලකුණක තියුණු ජයක් සමගින් දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් දකුණු අප්‍රිකාව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ග්‍රැනඩාහි පැවැති තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 168ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 8ක් දැවී ලකුණු 167ක් රැස් කළ අතර, එහිදී ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 72ක් සහ රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 32ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකොයි කඩුලු 4ක් සහ ඩ්වේයන් බ්‍රාවෝ කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ඉනිම වෙනුවෙන් එවින් ලුවිස් ලකුණු 27ක්, නිකලස් පූරාන් ලකුණු 26ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 25ක් රැස් කළා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 15ක් අවශ්‍ය වූ නමුත්, කාගිසෝ රබාඩා යොමු කළ එම පන්දුවාරයේ දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා සහ ටබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...