රෂීඩ් වෙනුවට පොලාඩ්ට නායකත්වය

Date:

MI Cape Town කණ්ඩායමේ නායක රෂීඩ් ඛාන්ට එළඹෙන දකුණු අප්‍රිකානු SA20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු මුහුණ දුන් පිට කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයෙන් පසුව තවමත් ඔහු සුවය ලබමින් සිටින බැවින්.

මෙම සුපිරි දග පන්දු යවන්නා ඉන්දියාවට එරෙහිව ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය සදහා ද නම් කර ඇති නමුත්, ඔහුට එම තරගාවලිය ද ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

මෙම ශල්‍යකර්මය නිසා රෂීඩ් ඛාන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග නිමා වූ 20යි 20 තරගාවලිය මෙන්ම මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය ද අහිමි වුණා.

ඔහු වෙනුවට කයිරන් පොලාඩ් විසින් MI Cape Town කණ්ඩායම එළඹෙන තරග වාරයේ දී මෙහෙයවීමට නියමිතයි.

පොලාඩ් MI Emirates කණ්ඩායම විසින් ද 2024 ILT20 තරගාවලිය වෙනුවෙන් සිය සංචිතයේ රදවා ගත් නමුත්, එම තරගාවලියේ තරග කාලසටහන හා SA20 තරගාවලියේ තරග කාලසටහන අතර ඝට්ටනයක් සිදුවන බැවින්, නිකලස් පූරාන් විසින් MI Emirates කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

කයිරන් පොලාඩ් MI Emirates කණ්ඩායම නියෝජනය කරමින් ILT20 තරගාවලියේ අවසන් අදියරේ තරග සදහා ක්‍රීඩා කරනු ඇත්දැයි මෙතෙක් නිල තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...