තවත් දකුණු අප්‍රිකා ප්‍රබල පිතිකරුවෙක් ටෙස්ට් පිටියට සමු දෙයි

Date:

දකුණු අප්‍රිකානු පිතිකරු හෙන්රික් ක්ලාසන් වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, සුදු පන්දු තරග වෙනුවෙන් තවදුරටත් ඔහු දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමටයි තීරණය කර ඇත්තේ.

2019 වසරේ සිට 2023 වසර දක්වා වූ කාලයේ දී ක්ලාසන් ටෙස්ට් තරගය 4ක් ක්‍රීඩා කළ අතර, ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පසුගිය මාර්තු මාසයේ දී යි.

පසුගියදා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩීන් එල්ගර් ද ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ පසුබිමක 32 හැවිරිදි හෙන්රික් ක්ලාසන් ද මෙලෙස ටෙස්ට් පිටියට සමු දීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකා කණ්ඩායම 2024 වසරේ දී තවත් ටෙස්ට් තරග හතක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී කොදෙව් දූපත් හී දී හා බංග්ලාදේශයේ දී ටෙස්ට් තරග දෙක බැගින් ද, සිය රටේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් ද, පාකිස්තානයට එරෙහිව එක් ටෙස්ට් තරගයක් ද ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, 2025 වසරේ ජනවාරි මාසයේ සිට 2026 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඔවුන් සිය රටේ දී කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...