ජූලි 5 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
දෙරට අතර පැවැති ටෙස්ට් තරගයෙන් විවේක ගැන් වූ රෂීඩ් ඛාන් සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, ශ්රී ලංකාව සමග පැවැති එක්දින තරගාවලියට ක්රීඩා කළ නූර් අහ්මඩ් මෙම තරගාවලිය සදහා නම් කර නැහැ.
පා දග පන්දු යවන ක්රීඩක Izharulhaq Naveed පළමු වරට එක්දින සංචිතය සදහා කැදවා තිබෙනවා.
ශ්රී ලංකා සංචාරයට ඇතුළත් නොවූ Shahidullah, Zia-ur-Rehman, Wafadar Momand, Mohammad Saleem හා Sayed Shirzad සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඊයේ(17) දෙරට අතර නිමා වූ ටෙස්ට් තරගයෙන් පසුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම බංග්ලාදේශයෙන් පිටත්ව යන අතර, අනතුරුව ඔවුන් යළි ජූලි පළමු වැනිදා බංග්ලාදේශයට පැමිණෙන්නේ එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ක්රීඩා කිරීම සදහායි.
එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා Chattogram හී දී ආරම්භ වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 12 Sylhet හී දී ආරම්භ වීමට නියමිතයි.
Afghanistan squad :
Hashmatullah Shahidi (c), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Rashid Khan, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi, Abdul Rahman, Izharulhaq Naveed Shahidullah, Zia-ur-Rehman, Wafadar Momand, Mohammad Saleem, Sayed Shirzad

