මෝහිට්, නූර්, රෂීඩ් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ටයිටන්ස් ජය ගනියි

Date:

මෝහිට් ෂර්මා ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 162 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සායි සුදර්සන් ලකුණු 45 ක්, ෂුබ්මන් ගිල් ලකුණු 36 ක් හා ව්රිධිමන් සහා ලකුණු 25 ක් රැස් කළා. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 44(27) ක් හා විජයි ශන්කර් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් අභිෂේක් ෂර්මා හා අබ්දුල් සමාද් ලකුණු 29 බැගින් රැස් කළා. හෙන්රික් ක්ලාසන් ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී මෝහිට් ෂර්මා ලකුණු 25 කට කඩුලු 3ක් දවා ගත්තා. අස්මතුල්ලාහ් ඔමර්සායි, උමේෂ් යාදව්, රෂීඩ් ඛාන්, නූර් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...