මොහමඩ් ෂාමි වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නිවේදනය කෙරේ

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් සංචිතය සදහා සන්දීප් වොරියර් ආදේශ කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගෙන ඇති බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ මොහමඩ් ෂාමි වෙනුවටයි.

ආබාධය හේතුවෙන් ෂාමි මෑතකදී ඔහුගේ දකුණු පාදයේ ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා. ඔහු මේ වන විට ඉන් සුවය ලබමින් සිටින බවයි අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කළ සන්දීප් වොරියර් මේ දක්වා අයි.පී.එල් තරග 5 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් යටතේයි ඔහු ගුජරාට් කණ්ඩායම සමග එක්ව ඇත්තේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...