මදුෂංකට කෝටි 17 ක IPL ගිවිසුම අහිමි වෙයි – ආදේශක ක්‍රීඩකයා මුම්බායි නම් කරයි

Date:

බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට 2024 අයි.පී.එල් තරගාවලිය සදහා දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන්නෙකු වන ක්වේනා මාපාකා (Kwena Maphaka) මුම්බායි සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

17 හැවිරිදි වමත් වේග පන්දු යවන්නෙකු වන ඔහු නිමා වූ ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළා.

කඩුලු 21 ක් දවා ගත් ඔහු එම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි ඔහු මුම්බායි සංචිතය සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

ඩිල්ෂාන් මදුෂංක මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකට මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කළා. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ වටිනාකමක් යටතේයි.

මුම්බායි ඉන්දියන්ස් සංචිතය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද ඇතුළත්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...