මෙරට ක්‍රිකට් වසන්තය යළි දින නියමයක් නොමැතිව කල් දැමේ

Date:

මෙම මස 14 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළි කල් දමා තිබෙනවා.

තරගාවලි ව්‍යුහය තුළ සිදුකරන ලද ඇතැම් සංශෝධන පිළිබඳව අති විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ලබා ගැනීම කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් අතරමඟ නතර කර දැමුණු තරගාවලිය යළි ආරම්භ කිරීමේ දී තරගාවලියේ තරග නීති රීති සහ තරගාවලි ව්‍යුහයේ සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බැවින් ඒ පිළිබඳව සලකා බලා අදාළ අති විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියේ අවධානය යොමුව ඇති බව සදහන්.

ඒ අනුව එම අතිවිශේෂ මහා සභා රැස්වීමේ අනුමැතිය ලබා ගන්නා තෙක් ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබෙනව.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...