එංගලන්තය ලකුණු 99ක් පිටුපසින් – Day 3 Report

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සවුත්හැම්ටන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(10) නිමා වුණා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටි අතර, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 318කට සීමා වුණා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 65ක් සහ ශේන් ඩවුරිච් ලකුණු 61ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නායක බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 43යි.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 6ක් සහ ෂැනොන් ගෙබ්‍රියල් කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට සිය දෙවන ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 99ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...