මිචෙල් හා පිලිප්ස්ගේ ඉනිම් හමුවේ නවසීලන්තය 4-0 ක් ලෙස ඉදිරියට

Date:

ඩැරල් මිචෙල් හා ග්ලේන් පිලිප්ස්ගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ පාකිස්තානය සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 4-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය අද(19) සමත් වුණා.

ක්‍රයිස්චර්ච් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 20 ක් තුළ බිද වැටුණේ පන්දුවාර 2.4 ක් තුළයි. අනතුරුව මිචෙල් හා පිලිප්ස් පන්දු 93 කින් නොබිදුණු ලකුණු 139 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් මෙම තරගාවලියේ සිය අපරාජිතභාවය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සමත් වුණා.

ඩැරල් මිචෙල් පන්දු 44කින් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් හා හතරේ පහර 7 ක් සමගින්. පිලිප්ස් පන්දු 52 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගත්තේ ශහීන් ශාහ් අෆ්රිඩි විසින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 158 ක් ලබා ගත්තේ කඩුලු පහක් දැවී සිටියදීයි.

මොහමඩ් රිස්වාන් පන්දු 63 කින් ලකුණු 90ක් ලබා ගත්තා. හයේ පහර දෙකක් හා හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 22 කට කඩුලු දෙකක් ද, ලොකී ෆර්ගසන් ලකුණු 27 කට කඩුලු දෙකක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...