මැක්ස්වෙල් නායකත්වයෙන් ඉවත් වෙයි

Date:

බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ග්ලේන් මැක්ස්වෙල් එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මෙවර BBL තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ස්ටාර්ස් කණ්ඩායමට නොහැකි වූ පසුබිමකයි.

මෙවර තරග වාරය යටතේ ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගය හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අතර, ඉන් අනතුරුවයි මැක්ස්වෙල් සිය තීරණය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට දන්වා ඇත්තේ.

2023-24 අදියරේ දී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම තරග 10කට ක්‍රීඩා කර ඉන් ජය ගත්තේ තරග 4ක් පමණයි. ඒ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

35 හැවිරිදි මැක්ස්වෙල් හා මෙල්බර්න් කණ්ඩායම අතර පවතින වත්මන් ගිවිසුම තවත් වසර දෙකක කාලයක් සදහා වලංගු වනවා.

මෙවර තරගාවලියේ දී මැක්ස්වෙල් ලකුණු 243 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය 34.71 ක් ලෙස සටහන් කර ගනිමින්. ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 173.57 ලෙසයි.

කෙසේ වෙතත්, මෙවර තරගාවලියේ දී ඔහු ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව 35* ක් වන අතර, පන්දු යැවීමෙන් කඩුලු 7ක් දවා ගැනීමට ද මැක්ස්වෙල් සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...