මසන්සි සුපර් ලීගයේ තෙවැනි අදියර අත්හිටුවයි

Date:

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මසන්සි සුපර් ලීග් (Mzansi Super League) තරගාවලියේ තෙවැනි අදියර අත්හිටුවීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරගාවලිය ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, දකුණු අප්‍රිකාවේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලිය අත්හිටුවීමට පියවර ගත් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එරට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටවල් රැසක් මේ වන විට දකුණු අප්‍රිකාව සදහා සංචරණ සීමා පනවා තිබෙනවා.

මසන්සි සුපර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර පළමුව පැවැත්වීමට සැලසුම් කර තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී වුවද, වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමටයි සිදු වුණේ.

මසන්සි සුපර් ලීග් තරගාවලිය වෙනුවට කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් යුත් 20යි 20 තරගාවලියක් ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට මේ වන විට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...