ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සම වෙයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව සමගින් සම පළමු ස්ථානය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

ඒ, එංගලන්තය සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව අද(20) ලැබූ ජයග්‍රහනයත් සමගයි.

ඒ අනුව මේ වන විට ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන ඇති ඔස්ට්‍රේලියාව 100%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු 24ක් ලබා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් බැවින් ප්‍රසාද ලකුණු 24ක් හා 100%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

10%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින් 7 වැනි ස්ථානයේ පසු වූ එංගලන්තයේ ලකුණු ප්‍රතිශතය අද නිමා වූ තරගයෙන් ලැබූ පරාජයත් සමග 08.33% දක්වා පහත වැටී තිබෙනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...