මයාන්ක් යාදව් ඉන්දීය T20 සංචිතයට කැදවයි – ප්‍රබලයින් රැසකට විවේකයක්

Date:

ඔක්තෝබර් 6 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉතා වේගයෙන් පන්දු යවමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් වේග පන්දු යවන ක්‍රීඩක මයාන්ක් යාදව් ඉන්දීය ජාතික සංචිතයට පළමු වරට නම් කර තිබීම විශේෂත්වයක්.

2021 වසරේ දී අවසන් වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති දග පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තී ද සංචිතයට යළි කැදවා තිබෙනවා.

සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, ෂුබ්මන් ගිල්, යශස්වි ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, අක්සාර් පටෙල් හා මොහමඩ් සිරාජ් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ. එම ක්‍රීඩකයින් සියලු දෙනා ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කළා.

ඔවුන් සංචිතයේ නොමැති වීම හේතුවෙන් නිටිෂ් කුමාර්, අභිෂේක් ෂර්මා, ජිටේෂ් ෂර්මා හා හර්ෂිත් රානා යන ක්‍රීඩකයින්ට සංචිතයේ පැමිණීමට අවස්ථාව උදා වී තිබෙනවා.

විස්සයි 20 තරගාවලිය ඔක්තෝබර් 6, 9 හා 12 යන දිනවලදී පිළිවෙලින් Gwalior, දිල්ලි හා හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

India T20I squad for Bangladesh series :

Suryakumar Yadav (capt), Abhishek Sharma, Sanju Samson (wk), Rinku Singh, Hardik Pandya, Riyan Parag, Nitish Kumar Reddy, Shivam Dube, Washington Sundar, Ravi Bishnoi, Varun Chakaravarthy, Jitesh Sharma (wk), Arshdeep Singh, Harshit Rana, Mayank Yadav

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...