“මම තවත් කට වහන් ඉන්නේ නෑ – චෝදනා ගැන විමර්ශනයක් ඉන්දියාව කළ යුතුයි” – අරවින්ද

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉන්දීය රජයෙන් සහ එරට ක්‍රිකට් ආයතනයෙන් තමා ඉල්ලා සිටින බව එවකට සිටි තේරීම් කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු සතු සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි අරවින්ද ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

“මම තවදුරටත් නිහඩව ඉන්නේ නෑ. මේක බරපතල චෝදනාවක්. ඔහු ඔහුගේ සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. ඔහු සතුව තොරතුරු තිබුණේ නම් ඇයි වසර 9ක් නිිහඩව සිටියේ.”

යනුවෙන් අරවින්ද ද සිල්වා ප්‍රශ්න කර සිටිනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට පෙර සදහන් කළේ ලෝක කුසලානය පාවා දීමේ සිද්ධියට තමන් ක්‍රීඩකයින්ට චෝදනා නොකරන බවයි.

ඊට සම්බන්ධ වූයේ ක්‍රිකට් නිළධාරීන් පිරිසක් බවට හිටපු අමාත්‍යවරයා කියා සිටියා.

විශේෂයෙන් අවසන් තරගය සදහා කණ්ඩායම තේරීමේ ක්‍රියාවලිය පිළිබද බරපතල ගැටලු පවතින බවටයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කර සිටියේ.

කෙසේ වෙතත්, මෙම චෝදනා එවකට සිටි තේරීම් කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා ප්‍රතික්ෂේප කර සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...