“මම කැමතියි නායකත්වය භාරගෙන කණ්ඩායම මෙහෙයවන්න” – දික්වැල්ල

Date:

අනාගතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය භාර ගැනීම සදහා තමා කැමැත්තෙන් පසුවන බව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසනවා.

ඒ, එළඹෙන එංගලන්ත තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීමට අවධානය යොමු කර ඇත්දැයි විමසූ පැනයට පිළිතුරු දුන් දික්වැල්ල කියා සිටියේ එය තේරීම් කමිටුව සහ පුහුණුකරු විසින් ගත යුතු තීරයක් බවයි.

අනිද්දා(14) ආරම්භ වන එංගලන්ත ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී ඔහු අදහස් පල කළා.

“කණ්ඩායම් දෙකටම ඉතා අමාරු තරගාවලියක්. ඒත් 2018 වසරේ පැවැති තරගාවලිය හා සංසන්දනය කරන විට මේ තරගාවලිය ජය ගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා.” යනුවෙන් නිරෝෂන් දික්වැල්ල සදහන් කළා.

“විශේෂයෙන් ජොෆ්රා ආචර් සහ බෙන් ස්ටෝක්ස් වගේම තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු රහිතව එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කිරීම නිසා තරගාවලිය ජය ගැනීමට අපිට වඩා හොඳ අවස්ථාවක් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වුණත් අපි ඔවුන්ව කිසිම විදියකින් අවතක්සේරුවෙන් සලකන්නේ නැහැ. උපරිම දක්ෂතාවයෙන් යුතුව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...