“මමත් විශ්වාස කරනවා මම තමයි ලංකාවේ හොදම කඩුලු රකින්නා කියලා” : දික්වැල්ල

Date:

පන්දුව දඟ කැවෙන තණතීරුවල කඩුලු රැකිය හැකි හොඳම ශ්‍රී ලංකා කඩුලු රකින්නා තමා බවට තමන් ද විශ්වාස කරන බව ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල පවසනවා.

පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයෙන් අනතුරුව අද (25) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව සඳහන් කළා.

පන්දුව දඟ කැවෙන තණතීරුවල දී කඩුලු රැකිය හැකි දක්ෂතම ශ්‍රී ලංකා කඩුලු රකින්නා නිරෝෂන් දික්වැල්ල බව මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී ධනංජය ද සිල්වා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් දික්වැල්ල ද සඳහන් කළේ තමා ද එම මතයට එකඟ වන බවයි.

නිමා වූ තරගවලදී ස්ටම්ප් කිරීමේ අවස්ථා කිහිපයක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවවලින් ඔහුට පසුගිය දිනවලදී විවේචන ද එල්ල වුණා.

කෙසේ වෙතත්, කඩුලු රැකීමේ දී අත්වැරැදීම් සිදු විය හැකි බවත්, එම වැරැදීම් සකස් කර ගනිමින් ඉදිරි තරග ක්‍රීඩා කිරීම වැදගත් වන බවත්, මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දික්වැල්ල වැඩිදුරටත් සදහන් කළා.

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ දී කඩුලු රැකීමට පමණක් නොව පිතිකරණයේ නිරත වීම ද දැඩි අසීරු වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...