භානුකත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට අවසන් අදියර වෙත පැමිණ තිබෙනවා.

බැංගලූරුහී දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී මේ වන විට ක්‍රීඩකයින් 179 දෙනෙකු අලෙවි වී අවසන්.

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 58 දෙනෙකු ද ඇතුළත්.

ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ද මීට සුළු වේලාවකට පෙර අලෙවි වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

චරිත් අසලංක දෙවැනි වරටත් වෙන්දේසියේ අලෙවි වූයේ නැහැ.

අද දිනයේ දී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.

ඒ අනුව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට මිලදී ගත්තා.

දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින්.

ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලකටයි.

ඊයේ දිනයේ දී වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...