පැතුම්ගේ සටන අපතේ යවමින් සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සුපිරිි පන්දුවාරයේ දී ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(13) සමත් වුණා.

සිඩ්නි හි පැවැති තරගය ජය ගැනීම සදහා සුපිරි පන්දුවාරයේ දී ඔස්ට්‍රේලියාවට ලකුණු 6ක ඉලක්කයක් පමණක් හිමි වූ අතර, එය ඔවුන් පන්දු 3ක් පමණක් වැය කරමින් පසු කර ගියා.

සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින්.

ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 48(32)ක් රැස් කළ අතර, නායක ආරෝන් ෆින්ච් ලකුණු 25යි. මර්කස් ස්ටොයිනිස් ලකුණු 19ක් ලබා ගත්තා. මැතිව් වේඩ් පන්දු 4කින් වේගවත් ලකුණු 13ක් නොදැවී රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තා. සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ නුවන් තුෂාර හා මශීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බැවින් නව නීති ප්‍රකාරව, ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරය යොමු කිරිමට සිදු වූයේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් යාර 30 සීමාවෙන් පිටත රදවා ගනිමින්.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක් හිමි වූ නමුත්, නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි.

සුපිරි සටන්කාමී ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක පන්දු 53කින් ලකුණු 73 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඇතුළත්. දිනේෂ් චන්දිමාල් ලකුණු 19යි.

නායක දසුන් ශානක පන්දු 19කින් වේගවත් ලකුණු 34ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමගින්. වනිදු හසරංග ලකුණු 13යි.

මශීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 6(2)ක් හා දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 4(1)ක් ලබා ගනිමින් තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන ගියා.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාරයේ දී යොමු කෙරුණු වයිඩ් පන්දුවක් විනිසුරු විසින් ලබා නොදුන් අතර, එය වයිඩ් පන්දුවක් ලෙස සංඥා කෙරුණේ නම් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් උදා වන්නට ඉඩ තිබුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

සුපිරි පන්දුවාරය ද ඔහු විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ කඩුල්ලක් දැවී ලකුණු 5ක් පමණයි.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානුවන් වනිදු හසරංග යොමු කළ සුපිරි පන්දුවාරයේ පළමු පන්දු 3 තුළ ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස මේ වන විට ඔස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...