භානුකට තේරීම් කමිටුව මාසයක් කල් දෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු වන රොමේෂ් කලුවිතාරන මහතා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ සමග සාකච්ඡා සිදු කර ඇති බව වාර්තා වනවා.

ඒ, භානුක රාජපක්ෂ විසින් සම්මුඛ සාකච්ඡාවකදී පසුගියදා සිදු කළ ප්‍රකාශ හේතුවෙන්.

ඒ අනුව ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය යෝග්‍යතා මට්ටම ළගා කර ගැනීම වෙනුවෙන් භානුකට මාසයක කාලයක් ලබා දී ඇති බවයි cricwire වෙබ් අඩවිය වාර්තා කළේ.

“ශාරීරික යෝග්‍යතා ගැටලුවක් කියලා අපිව එළියෙන් තියෙන එක මම හිතන්නේ නෑ සාධාරණයි කියලා. මම කියන්නේ නෑ ෆිට්නස් දාන එක (ෆිට්නස් ටෙස්ට් එක) වැරදීමක් කියලා. ඒත් ෆිට්නස් තියෙන්න ඕනෙ ක්‍රීඩකයෙක් උඩට ගන්න. නැතුව ෆිට්නස් කියලා ක්‍රීඩකයෙක් පල්ලෙහට දාන්න නෙවෙයි.” යනුවෙන් භානුක මීට පෙර පැවැති සම්මුඛ සාකච්ඡාවේ දී සදහන් කර තිබුණා.

“මම අනිවාර්යයෙන් කියනවා මට බෙදන්නේ වෙන හැන්දකින් කියලා.”

මේ සම්බන්ධයෙන් “ද අයිලන්ඩ්” පුවත්පත කළ විමසීමකදී අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සදහන් කළේ භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රමාණවත් මට්ටමක නොපවතින බවයි.

“ඔහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුට පහර දීමේ සුපිරි හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත්, ඔහුගේ පන්දු රැකීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ප්‍රමාණවත් නැහැ. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ද අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නැහැ. අපි සංස්කෘතියක් ගොඩනගමින් ඉන්නවා ක්‍රීඩකයින්ගේ උපරිමය ළගා කර ගත හැකි මට්ටම දක්වා ඔවුන්ව යොමු කරන්න. අපිට අවශ්‍යයි අපේ හොදම ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයට ගෙනියන්න. ” යනුවෙන් මිකී ආතර් කියා සිටියා.

“මම අවුල් වුණා ඔහු අත්වැසුම් අතේ තියාගෙන දිව්ව නිසා. එය ස්මතු කරනවා ඔහු පළමු ලකුණ සදහා වැඩි බරක් නොයෙද වූ බව. ඒක අලස වූ ක්‍රිකට් ක්‍රීඩාවක්. මම කැමති නෑ දියාරු ක්‍රීඩකයින්ට.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...