මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දී ලැබූ 9 වැනි පරාජය ද අත්විදීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු වුණා.
ඒ, මෙවර තරගාවලියේ 56 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 52ක පරාජයක් ලැබීම හේතුවෙන්.
මුම්බායි හි DY Patil ක්රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගනිමින්.
වෙන්කටේෂ් අයියර් හා නිටිෂ් රානා ලකුණු 43 බැගින් රැස් කළා. රින්කු සිං නොදැවී ලකුණු 23යි.
පන්දු යැවීමේ දී ජස්ප්රිට් බුම්රා සිය පන්දුවාර 4 තුළ දී නිලකුණු පන්දුවාරයක් ද සහිතව ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 17.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.
ඉෂාන් කිෂන් ලකුණු 51කට දැවී ගියා.
මුම්බායි ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 44ක් තුළ දැවී යාම විශේෂත්වයක්.
පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 3ක් හා අන්ඩ්රි රසල් කඩුලු 2ක් දවා ගත්තා.

