“බිග් 3 කියල එකක් නැහැ. මම ඒකට දායක වෙන්නේ නැහැ.” – ICC සභාපති

Date:

‘බිග් 3’ යන සංකල්පයට තමා එකග නොවන බව ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව සභාපති ග්‍රේග් බර්ක්ලෙයි (Greg Barclay) පවසනවා.

‘බිග් 3’ යන සංකල්පයෙන් හදුන්වන්නේ ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛත්වයක් හිමි විය යුතුය යන්නයි.

මෙම වසර මුල දී ‘බිග් 3’ සංකල්පය යළි ස්මතු වූයේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග තවත් එක් රටක් එක් වී ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කළ යුතු බවට සාකච්ඡා සිදුවීමත් සමගයි.

කෙසේ වෙතත්, අදාළ තරගාවලිය පිළිබද මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

පසුගියදා තේරී පත් වූ නව අයි.සී.සී සභාපතිවරයා පෙන්වා දෙන්නේ තමා බිග් 3 සංකල්පයට සහාය නොදක්වන බවයි.

“මම හිතන විදියට බිග් 3 කියල එකක් නැහැ. මම ඒකට දායක වෙන්නේ නැහැ.” යනුවෙන් අයි.සී.සී නව සභාපති නවසීලන්ත ජාතික ග්‍රේග් බර්ක්ලෙයි සදහන් කළා.

“සියලුම ක්‍රිකට් සාමාජිකයින් වැදගත් වගේම ඔවුන්ට සමානව සැලකිය යුතුයි.මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා විවිධ රටවලට විවිධාකාරයෙන් දායක වෙන්න පුලුවන් කියන එක. නමුත් සියලු සාමාජිකයින් එක්ව වැඩ කළ යුතුයි වගේම ඔවුන්ට සමානව සැලකිය යුතුයි. මම පිළිගන්නවා සමහර විශාල රටවලට තරගාවලියන්හි සත්කාරකත්වය දැරීම සහ විශාල ආදායමක් සැපයිය හැකි බවත්. නමුත් බිග් 3 කියල දෙයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...