කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද විදෙස් ක්‍රීඩකයින් 3ක් විතරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(26) පැවැත්වෙන පළමු තරගය සදහා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු පමණක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ඔවුන්ගේ සංචිතයේ විදෙස් ක්‍රීඩකයින් අතරින් අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලැබී ඇත්තේ ඉර්ෆාන් පතාන්, රහමනුල්ලා ගුර්බාස් සහ නවීන් උල්හක් යන ක්‍රීඩකයින්ට පමණක් වීම හේතුවෙන්.

බ්‍රෙන්ඩන් ටේලර් සහ මුනාෆ් පටෙල් මේ වන විට මෙරටට පැමිණ සිටියත්, ඔවුන් තවමත් නිරෝධායන කාලසීමාව ගත කර අවසන්ව නැහැ.

සොහයිල් තන්වීර් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බැවින් ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

කැන්ඩි ටස්කර්ස් සංචිතයට එක් වූ දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙතෙක් දිවයිනට පැමිණ නැහැ.

එල්.පී.එල් තරගාවලියේ නීති ප්‍රකාරව විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට එක් තරගයක් සදහා කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි අතර, කණ්ඩායමකට ක්‍රීඩා කළ යුතු අවම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 3ක්.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායම සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙවර තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 8ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි.

කැන්ඩි ටස්කර්ස් සංචිතය :

  • දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න.
  • විදෙස් – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහයිල් තන්වීර් (පාකිස්තානය)
  • අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ

ALSO READ : LPL තරගාවලිය අදින් ඇරඹේ – පළමු තරගයේ සියලු තොරතුරු මෙන්න (Preview)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...