බාබර් හා රවුෆ් පාකිස්තානයට දෙවැනි ජයග්‍රහනයත් හිමි කර දෙයි

Date:

නවසීලන්තයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(8) සමත් වුණා.

ක්‍රයිස්චර්ච් හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 6 කින් පරාජයට පත් වූයේ සත්කාරක නවසීලන්ත කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 36 ක්, මාර්ක් චැප්මන් ලකුණු 32 ක් හා කේන් විලියම්සන් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මොහමඩ් වසීම් හා මොහමඩ් නවාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

හතරේ පහර 11 ක් සමගින් පන්දු 53 කදී ලකුණු 79 ක් නොදැවී ලබා ගත් නායක බාබර් අසාම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ශඩාබ් ඛාන් ලකුණු 34 යි.

පන්දු යැවීමේ දී බ්ලෙයාර් ටික්නර් ලකුණු 42 කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගාවලියේ පළමු තරගයෙන් ද බංග්ලාදේශය පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

මේ අතර, නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඔහුට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...