චහාර් වෙනුවට සුන්දර් ඉන්දීය සංචිතයට කැදවයි

Date:

දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් මේ දිනවල දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ආදේශ කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින දීපක් චහාර් වෙනුවටයි එරට තේරීම් කමිටුව මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.

දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී දීපක් චහාර් පිට කොන්ද ආශ්‍රිතව ආබාධයකට ගොදුරු වුණා.

ඒ හේතුවෙන් ඔහුට නිමා වූ පළමු එක්දින තරගයට ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

දීපක් චහාර් ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කෙරෙන බවත්, එහිදී වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුගේ තත්ත්වය අධීක්ෂණයට ලක් කරනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි එක්දින තරගය හෙට(9) රංචි හී දී පැවැත්වීමට නියමිත අතර, අවසන් එක්දින තරගය එළඹෙන 11 වැනිදා නව දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

India’s ODI squad:

Shikhar Dhawan (C), Ruturaj Gaikwad, Shubman Gill, Shreyas Iyer (vc), Rajat Patidar, Rahul Tripathi, Ishan Kishan (wk), Sanju Samson (wk), Shahbaz Ahmed, Shardul Thakur, Kuldeep Yadav, Ravi Bishnoi, Mukesh Kumar, Avesh Khan, Mohd. Siraj, Washington Sundar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...